කොහොම නමුත් වසර 9ක පමණ දීර්ඝ අත්හදාබැලීමේ කාලයකින් අනතුරුව මේ වන විට මෙම ව්‍යාපෘතිය නවත්වාදැමීමට Alphabet ආයතනය තීරණය කර ඇති බව ඔවුන්ගේ නිළ bolg එක හරහා නිවේදනය කිරීමට කටයුතු කර තිබෙනවා.
මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණ වූයේ පෘතුවි වායුගෝලයේ දෙවැනි layer එක වන Stratosphere, එහෙමත් නැතිනම් අපරිවර්තී ගෝලය නමින් හඳුන්වන කොටසෙහි රඳවා තබන ලද air baloon හරහා mesh network එකක ආකාරයෙන් ක්‍රියාත්මක වන communication ක්‍රමයක් නිර්මාණය කිරීම සහ ඒ හරහා අන්තර්ජා සබඳතාවයන් නොමැති දුෂ්කර ප්‍රදේශ වලට අන්තර්ජාල සම්බන්ධතාවය ලබාදීමයි.
2013 වර්ෂයේදී Alphabet ආයතනයේ ව්‍යාපෘතියක් ලෙස මෙම Loon ව්‍යාපෘතිය ආරම්භ වූ අතර, 2018 වර්ෂයේදී මෙය Moonshot නම් වූ තනි සමාගමක් ලෙස පිහිටවනු ලැබුවා. එමෙන්ම පසුගිය වසරේ ජූලි මාසයේදී පළමු වරට කෙන්යාවේදී ඔවුන්ගේ පළමු commercial internet සේවාව එළිදැක්වීමට ද ඔවුන් කටයුතු කරනු ලැබුවා.
මේ හරහා බැලූන් 35ක් පමණ භාවිතා කරමින් වර්ග කිලෝමීටර් 50,000ක පමණ ප්‍රදේශයකට අන්තර්ජාල සම්බන්ධතාවය ලබාදීමට මොවුන් හට හැකියාව ලැබී තිබුණා.


0 Comments