Sirasa Lakshapath මිලියන 02 ක ත්‍යාගය Shukra Munawwar දිනාගනී.

 


17 හැවිරිදි ශුක්රා මුනව්වර්ශ්‍රී ලංකා වේ Galle,Katugoda කුඩා ගම්මානයක සිට සිරස ලක්ශපති වැඩසටහනට සහභාගි වෙමින් මිලියන 02 ක ත්‍යාගයක් දිනා ගන්නා ලදී.

වැඩසටහනේ සත්කාරක චන්දන සූරියබන්දර මහතා ඇසූ සියලු ප්‍රශ්නවලට සාර්ථකව පිළිතුරු ලබාදෙමින් ඇය අද දින එම ත්‍යාගය දිනාගත් අතර උසස් පෙළ ශිෂ්‍යාවක් වන ශුක්රා මුනව්වර් තම පියා දැඩි සේ රෝගාතුරව එක්තැන්ව සිටිද්දීත් දෙමාපියන්ට බරක් නොවී online හරහා අධ්‍යාපනය ලබන්නට ලැප්ටොප් එකක් ගැනීමට සිහිනයක් සිතේ තබාගෙන ලක්ෂපතියට ගොඩ විය.

අවිද්‍යාවට පිළිතුරු ලෙස විද්‍යාවත්, ආගම් හා ජාතිවාදයට එරෙහිව සංහිඳියාවත්, මිත්‍යාවට එරෙහිව ප්‍රඥාවත්, විචාරශීලී බවත්, අවදි කරමින් තාර්කික විචක්ෂණ බුද්ධියක් විදහා දක්වමින්, ඔබ දැක්වූ කුසලතාවය ඉතා අගයමු. ගිනිගෙන ඇවිලෙන මේ ශ්‍රී ලාංකික මාතෘභූමියට තවත් මලාලා යුසුප්සායි කෙනෙකු වන්න. 

මනුස්සකම, කළගුණ සැලකීම, අධිෂ්ඨානය, බලාපොරොත්තුව, උත්සාහය, මහපොළොවට පරිසරයට ආදරය කිරීම ආදී මෙකී නොකී සෑම දෙයකින්ම සමන්විත ඔබ වැනි දරුවන් රට තුල ඉපදේවායි ප්‍රාර්තනා කරමි.

අපගේ උනුසුම් සුභ පැතුම් ශුක්රා මුනව්වර්.

Post a Comment

0 Comments